එංගලන්ත හිටපු ක්‍රිකට් නායක බොබ් විලිස් අභාවප්‍රාප්ත වෙයි

11

එංගලන්ත හිටපු ක්‍රිකට් නායක බොබ් විලිස් අභාවප්‍රාප්ත වී තිබෙනවා.
දිගුකලක් රෝගීව සිටි ඔහු මියයන විට 70 වන වියේ පසු වුණා.
ටෙස්ට් තරග 90කදී කඩුලු 325ක් දවා ගත් වේග පන්දු යවන ක්‍රීඩකයෙකු වූ බොබ් විලිස් 1971 වසරේ සිට 1984 වසර දක්වා එංගලන්ත කණ්ඩායම නියෝනය කළා.
එහිදී ටෙස්ට් තරග 18කදී සහ එක්දින තරග 29කදී ඔහු එංගලන්ත කණ්ඩායමේ නායකයා ලෙස ද කටයුතු කර තිබුණා.

Your Comments