එංගලන්ත සහ ශ්‍රී ලංකා දෙවන ටෙස්ට් තරගයේ තෙවන දිනය අද

11

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ තෙවන දිනය අද ආරම්භ වුණා.

සිය පළමු ඉනිම ක්‍රිඩා කරමින් සිටි එංගලන්ත කණ්ඩායම මීට සුළු වේලාවකට පෙර කඩුළු 4 ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව187 ක්.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායමට සියලු දෙනා දැවී රැස් කළ හැකි වූයේ ලකුණු සංඛ්‍යාව 381 ක් පමණයි.

තරගයේ දී ලකුණු 92 ක් රැස් කළ නිරෝෂන් දික්වැල්ල ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ලකුණු ප්‍රමාණයක් වාර්තා කරන ලද කඩුලු‍ රකින පිතිකරුවන් අතර දෙවැනි ස්ථානයට පැමිණියා.

ඉනිම් 73 කදී ඔහු රැස්කර ගෙන ඇති ටෙස්ට් ලකුණු සංඛ්‍යාව 2,156 ක්.

පළමු ස්ථානයේ පසුවන කුමාර් සංගක්කාර ඉනිම් 81 කදී රැස්කර ඇති ටෙස්ට් ලකුණු සංඛ්‍යාව 3,117 ක්.

 

Your Comments