එංගලන්ත සහ ශ්‍රී ලංකා අතර පළමු ටෙස්ට් තරගයේ සිව්වන දිනය නිමා වේ

8

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර ගාල්ලේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වන දිනය අද නිමා වුණා.

 

ඒ වන විට පන්දුවට පහර දෙමින් සිටි එංගලන්ත කණ්ඩායම කඩුළු 3 ක් දැවී ලකුණු 38 ක් ලබා සිටියා.

දිනය ආරම්භ වන විට සිය දෙවන ඉනිම සඳහා පන්දුවට පහර දෙමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 359 ක්.

ඒ අනුව ජයග්‍රහණය සඳහා එංගලන්තත කණ්ඩායමට අවශ්‍යව ඇත්තේ තවත් ලකුණු 36 ක් පමණයි.

Your Comments