එංගලන්ත සහ ඉන්දීය අතර චෙන්නායිහි පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ දෙවන දිනය නිමා වුණා.

9

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර චෙන්නායිහි පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අද නිමා වුණා.

 

දිනය නිමා වන විට සිය දෙවන ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඉන්දියාව එක් කඩුල්ලක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 54 ක්.

අද දිනය ආරම්භ කරන විට තරගයේ පළමුවෙන් පන්දුවට පහර දෙමින් සිටි ඉන්දීය කණ්ඩායම ලකුණු 329 කට සීමා කිරීමට එංගලන්ත පන්දු යවන්නන් සමත් වුණා.

පිළිතුරු ඉනිම ක්‍රිඩා කළ එංගලන්ත කණ්ඩායමට සිය පළමු ඉනිම සඳහා ලබා ගත හැකි වූයේ ලකුණු 134 ක් පමණයි.
ඒ අනුව මේ වන විට ඉන්දියාව ලකුණු 249 ක් ඉදිරියෙන් පසුවනවා.

Your Comments