එංගලන්ත ශ්‍රී ලංකා පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවන දිනය අදයි

5

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවන දිනය අදයි.

 

දිනය ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි එංගලන්තය සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව සංඛ්‍යාව 421ක්.

සිය 4 වැනි ද්විත්ව ශතකය වාර්තා කරමින් නායක ජෝ ඍැඤූ ලකුණු 228ක් රැස් කළා.
එය ඔහු විසින් ශ්‍රී ලංකාවට එරෙහිව වාර්තා කළ දෙවැනි ද්විත්ව ශතකය වීම ද විශේෂත්වයක්.

එමෙන්ම එංගලන්ත පිතිකරුවෙකු මෙරට දී වාර්තා කළ පළමු ද්විත්ව ශතකය ද එයයි.

පන්දු යැවීමේ දී දිල්රුවන් පෙරේරා කඩුලු 4ක් සහ ලසිත් ඇඹුල්දෙණිය කඩුලු 3ක් බිද හෙලුවා.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව සිය පළමු ඉනිම සදහා සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 135ක්.

ඒ අනුව එංගලන්තය මේ වන විට ඉදිරියෙන් පසුවන ලකුණු සංඛ්‍යාව 286ක්

 

Your Comments