එංගලන්ත ශ්‍රී ලංකා පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වන දිනය අදයි

4

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර ගාල්ලේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වන දිනය අදයි.

 

දිවා ආහාරය සඳහා තරගය නතර කරන විට දෙවන ඉනිම ක්‍රීඩා කරමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 4 ක් දැවී ලකුණු 242 ක් ලබා සිටියා.

ඒ අනුව ශ්‍රී ලංකාව ඉනිමක පරාජයෙන් ගැලවීම සඳහා තවත් ලකුණු 44 ක් ලබා ගත යුතුයි.

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව සියලු දෙනා දැවී ලකුණු 135 ක් ලබා ගත් අතර පිළිතුරු ලෙස එංගලන්තය සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 421 ක්.

Your Comments