සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ තෙවන දිනය අද නිමා වුණා.
ඒ වන විට සිය පළමු ඉනිම ක්‍රිඩා කරමින් සිටි එංගලන්ත කණ්ඩායම කඩුළු 9 ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 339 ක්.
ජෝ රූට් ලකුණු 186 යි.
කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 381 ලබා ගත්තා.
ඒ අනුව එංගලන්ත කණ්ඩායම ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණූ 42 ක් පසුපසින් සිටිනවා.
Your Comments