එංගලන්ත ශ්‍රී ලංකා තෙවන එක්දින තරගය අද පල්ලේකැලේදී

43

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තෙවන එක් දින ක්‍රිකට් තරගය අද පැවැත්වෙනවා.
තරගය පස්වරු 2.30ට මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේදී ආරම්භ වීමට නියමිතයි.
දෙරට අතර පැවති පළමු තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දැමුණු අතර දෙවන තරගය ඩක්වත් ලුවිස් න්‍යාය යටතේ  ජය ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් වුණා.
මේ අතර, අද පැවැත්වෙන තරගය සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් ඊයේ මහනුවර දී පැවුත්වුණා.
ඊට එක්වෙමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන්ඉරියව් ක්‍රීඩක දසුන් ශානක සඳහන් කළේ මෙම තරගාවලියේ සිට ස්ථාවර පිතිකරණ ලැයිස්තුවක් කණ්ඩායම තුළ පවත්වාගෙන යාමට කටයුතු කරන බවයි.
 

Your Comments