එංගලන්ත ශ්‍රී ලංකා තරගයේ දෙවන දිනය වාර්තා රැසැක් සමග නිමවෙයි

22

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ දෙවන දිනය අද නිමා වුණා.

 

ඒ වන විට සිය පළමු ඉනිම ක්‍රිඩා කරමින් සිටි එංගලන්ත කණ්ඩායම කඩුළු 2 ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 98 ක්.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 381 ලබා ගත්තා.

ඇන්ජෙලෝ මැතිව්ස් ලකුණු 110යි.

නිරෝෂන් දික්වැල්ල ලකුණු 92ක් රැස් කළ අතර ඔහු අද වාර්තා කළේ සිය 16 වන ටෙස්ට් අර්ධ ශතකයයි.

එය ටෙස්ට් ශතකයක් වාර්තා නොකර වැඩිම ටෙස්ට් අර්ධ ශතක ප්‍රමාණයක් රැස් කරමින් ඉන්දියාවේ චෙතාන් චවුහාන් තබා තිබූ ලෝක වාර්තාව සම කිරීමක්.

පන්දු යැවීමේ දී ජේම්ස් ඇන්ඩර්සන් ලකුණු 40කට කඩුලු 6ක් දවා ගත්තා.

38 හැවිරිදි ඔහු ඉතිහාසගත වුණේ ආසියාවේ දී කඩුලු 5ක් දවා ගත් වයසින් වැඩිම වේග පන්දු යවන්නා ලෙසයි.

මෙම ඉනිමේ දී කඩුලු 10 ම දවා ගනු ලැබුවේ වේග පන්දු යවන්නන් විසින් වන අතර එවැනි සිදුවීමක් මෙරට දී වාර්තා වූයේ වසර 26කට පසුව වීම ද විශේෂත්වයක්.

මීට පෙර 1994 වසරේ දී පාකිස්තාන වේග පන්දු යවන්නන් දෙදෙනෙකු වූ වසීම් අක්‍රම් සහ වකාර් යුනිස් ඉනිමේ කඩුලු 10 බිද දැමීමට මහනුවරදී සමත්වුණා.

Your Comments