එංගලන්ත – ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ ප්‍රථම තරගය හෙට

5

ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ පැවැත්වෙන එංගලන්ත – ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ ප්‍රථම තරගය හෙට පෙරවරු 10 ට ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

 

නිමා වූ දකුණු අප්‍රිකා සංචාරයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම දුර්වල ක්‍රීඩා රටාවක් පෙන්නුම් කළ බැවින්, යළි ජයග්‍රාහී මාවතකට අවතීර්ණ වීමට ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගාවලියේ දී උත්සාහ කරනු ඇති.

දකුණු අප්‍රිකා තරගාවලියට සහභාගී නොවූ ක්‍රීඩකයන් කිහිපදෙනෙකු ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට එක් කරමින් ක්‍රීඩකයන් 22 දෙනෙකුගෙන් යුත් ප්‍රබල සංචිතයක් නම් කිරීමට ද තේරීම් කමිටුව කටයුතු කර තිබෙනවා.

දකුණු අප්‍රිකා තරගාවලියේදී ඉතාමත් දුර්වල ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කළ කුසල් මෙන්ඩිස් ද මෙම සංචිතයට ඇතුළත් කර තිබුණ ද ඔහුට ක්‍රීඩා කිරීමේ අවස්ථාව මෙම තරගාවලියේ දී හිමි නොවනු ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත්, එම සංචිතය සදහා ද දේශීය තරග පිටියේ දී ඉහළ දක්ෂතා දැක් වූ පැතුම් නිස්සංකට අවස්ථාවක් ලැබී නැහැ.

ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු මිකී ආතර් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සදහන් කළේ පැතුම් නිස්සංක ආබාධයක් හේතුවෙන් පසුගිය කාලයේ දී දේශීය තරග ක්‍රීඩා කර නොමැති බවයි

 

Your Comments