එංගලන්ත පිළේ ශ්‍රී ලංකා ක්‍රිකට් සංචාරය ලබන ජනවාරි මාසයේදී

8

එංගලන්ත පිළේ ශ්‍රී ලංකා ක්‍රිකට් සංචාරය ලබන ජනවාරි මාසයේ අපේක්ෂිත පරිදි සිදුවනු ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් පිළේ ප්‍රධාන මුහුණුකරු මිකී ආතර් පවසනවා.

එම සංචාරය පසුගිය පෙබරවාරි මාසයේ අත්හිටුවනු ලැබුවේ කොවිඩි 19 වසංගතය හේතුවෙන්.

ඉන් අනතුරුව ශ්‍රී ලංකාව මෙතෙක් ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියකට සහභාගි වී නැහැ.

ඒ හේතුවෙන් එංගලන්ත සංචාරය මෙන්ම ඉන්දීය, දකුණු අප්‍රිකානු සහ බංග්ලාදේශ කණ්ඩායම්වල ශ්‍රී ලංකා සංචාරයන් ද කල් දමනු ලැබුවා.

කෙසේ වෙතත් මිකී ආතර් සඳහන් කළේ දෙසැම්බර් මාසයේ ශ්‍රී ලංකා පිළට දකුණු අප්‍රිකාවේ සංචාරයට සහභාගිවීමට හැකි වනු ඇති බවයි.

 

Your Comments