එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම අද දිවයිනට

8

ශ්‍රී ලංකාවට එරෙහි එංගලන්ත ටෙස්ට් සංචිතය අද දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා.
ඒ සංචිතයේ සියලු ක්‍රීඩකයින් කෝවිඩ් 1 රෝගයට අදාළ වෛද්‍ය පරීක්ෂණවලින් සමත් වීමත් සමගයි.
එංගලන්ත ක්‍රීඩකයින් සහ සහාය කාර්යය මණ්ඩල නිළධාරීන් පසුගිය 30 වනදා පීසීආර් පරීක්ෂණවලට යොමු කර තිබූ අතර කිසිවෙකුට වෛරසය ආසාදනය වී නොමැති බවයි එහිදී අනාවරණ වී ඇත්තේ.
මෙරටට පැමිණිමෙන් පසු ඔවුන් දින 10ක කාලයක් සදහා හම්බන්තොට දී ජෛව ආරක්ෂිත බුබුලකට එක්වන අතර එම කාලය තුළ දී ඔවුන්ට පුහුණුවීම් කටයුතු සිදු කිරීමේ අවස්ථාව හිමි වනවා.
මෙම තරග සංචාරයේ දි දෙරට අතර ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතට අයත් තරග දෙකක් පැවැත්වීමට නියමිතයි.
තරග දෙකම ප්‍රේක්ෂක සහභාගීත්වයකින් තොරව ගාල්ලේ දී පැවැත්වෙන අතර, පළමු තරගය ලබන 14 වනදා ද, දෙවැනි තරගය ලබන 22 වනදා ද ආරම්භ වනු ඇති.

Your Comments