එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමට ICCයෙන් දඩ

8

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමට ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් දඩ නියම කර තිබෙනවා.
ඒ, දකුණු අප්‍රිකාව සමග නිමා වූ තෙවන 20යි 20 තරගයේ දී පන්දුවාර 20 නියමිත කාලය තුළ යවා නිම නොකිරීම හේතුවෙන්.
ඔවුන් නියමිත කාලයේ දී එක් පන්දුවාරයක් යවා අවසන් කර නොමැති බවටයි චෝදනා එල්ල වුණේ.
එම වරද එංගලන්ත නායක ඉයන් මෝර්ගන් විසින් පසුව පිළිගනු ලැබුවා.
ඒ අනුව ක්‍රීඩකයින්ගේ තරග ගාස්තුවෙන් සියයට 20 ක දඩ මුදලක් පැනවීමටයි ජගත් ක්‍රිකට් කවුන්සලය පියවර ගෙන ඇත්තේ.

Your Comments