එංගලන්ත කණ්ඩායමේ කිසිවෙකුටත් කොරෝනා නෑ

5

දිවයිනට පැමිණ සිටින එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ සියලු දෙනාගේ දෙවන පී. සී. ආර්. පරීක්ෂණ වාර්තා අනුව ඔවුන් කිසිවෙකුටත් වෛරසය වැළඳී නොමැති බවට තහවුරු වී තිබෙනවා.

 

මේ අනුව ඊයේ පස්වරුවේ ඔවුන් හම්බන්තොටදී සිය පළමු පුහුණු සැසියට සහභාගී වුණා
කෙසේ වෙතත් ඔවුන් යළිත් අද දිනයේදී නැවතත් පී. සී. ආර්. පරීක්ෂණයකට යොමු කිරීමට නියමිතයි.

එංගලන්ත ක්‍රීඩකයන් මෙලෙස පී. සී. ආර්. පරීක්ෂණවලට යොමු කෙරුණේ තුන් ඉරියව් ක්‍රීඩක මොයින් අලී කොවිඩ් ආසාධිතයෙකු ලෙස හඳුනාගැනීමත් සමගයි.

 

Your Comments