එංගලන්තය ට එරෙහි ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ සංචිතය මෙන්න

44

සංචාරක එංගලන්ත කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත දෙවැනි සිව්දින පුහුණු ක්‍රිකට් තරගය සදහා වන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සභාපතිවරයාගේ සංචිතය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ළහිරු තිරිමාන්නගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත්.

කෙසේ වෙතත්, සංචිතයට නම් කර ඇති භානුක රාජපක්ෂ ආබාධයක් හේතුවෙන් මෙම තරගය සදහා ක්‍රීඩා නොකරනු ඇති.

පළමු පුහුණු තරගයට නම් නොකළ පැතුම් නිස්සංක මෙම සංචිතයට නම් කර ඇති අතර, රොෂේන් සිල්වාට ද සංචිතයේ ස්ථානයක් වෙන්ව තිබෙනවා.

දෙරට අතර පැවැත්වෙන දෙවන නිල පුහුණු තරගය හෙට කොළඹ පී සරා ඕවල් ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි.

01)  Lahiru Thirimanne – Captain

02)  Pathum Nissanka

03)  Sadeera Samarawickrama

04)  Bhanuka Rajapaksa ( Injured and will not take part in the game)

05)  Angelo Perera

06)  Shehan Jayasuriya

07)  Roshen Silva

08)  Minod Bhanuka

09)  Ramesh Mendis

10)  Prabath Jayasuriya

11)  Asitha Fernando

12)  Mohamed Shiraz

13)  Nisala Tharaka

14)  Ashen Bandara

15)  Kavindu Nadeeshan

Your Comments