එංගලන්තයට කඩුලු 7 ක ජයක්

5

ශ්‍රී ලංකාව සමග පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් කඩුලු‍ 7ක ජයක් වාර්තා කිරීමට එංගලන්ත කණ්ඩායම සමත් වුණා.

 

ගාල්ලේ පැවැති තරගයේ අවසන් දිනය වූ අද දිනය ආරම්භ කරන විට සිය දෙවන ඉනිමේ දී ලකුණු 74ක ඉලක්කයක් හඹා යමින් සිටි එංගලන්තය කඩුලු‍ 3ක් පමණක් දැවී ජය තහවුරු කලා.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව සිය පළමු ඉනිම සදහා සියලු‍ දෙනා දැවී ලකුණු 135ක් ලබා ගත් අතර, පිළිතුරු ලෙස එංගලන්තය ලකුණු 421 ක් ලබා ගත්තා.

අනතුරුව ශ්‍රී ලංකාව සිය දෙවන ඉනිමට ලබා ගත් ලකුණු සංඛ්‍යාව 359ක්.

තරගයේ වීරයා ලෙස සම්මානයෙන් පිදුම් ලැබුවේ එංගලන්ත නායක ජෝ රූට්.

මෙය ශ්‍රී ලංකාවේ දී එංගලන්ත කණ්ඩායම අඛණ්ඩව ජය ගත් පස් වැනි ටෙස්ට් තරගය වීම විශේෂත්වයක්.

Your Comments