උපුල් තරංග ජාත්‍යන්තර පිටියට සමු දෙයි

18

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රබල ආරම්භ පිතිකරුවෙකු වන උපුල් තරංග ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට තීරණය කර තිබෙනවා.

සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් උපුල් තරංග ප්‍රකාශ කලේ සියලු යහපත් දේ අවසානයකට පැමිණිය යුතු බවයි.

වසර 15කට වැඩි කාලයක් ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ උපුල් තරංග ආරම්භක පිතිකරුවෙකු මෙන්ම එක් දින කණ්ඩායමේ නායකයෙකු වශයෙන් ද කටයුතු කර තිබෙනවා.

 

Your Comments