උතුරු කොරියාව මෙවර ඔලිම්පික් උළෙලට නැහැ

5

මෙවර ඔලිම්පික් ක්‍රිඩා උළෙල සදහා තම ක්‍රිඩක ක්‍රිඩිකාවන් සහභාගී නොවන බව උතුරු කොරියාව පවසනවා.
තම රටේ ක්‍රිඩකයින් කොරෝනා වසංගතයෙන් ආරක්ෂා කර ගැනීම සදහා උතුරු කොරියානු රජය මෙම පියවර ගෙන ඇති බව සදහන්.

ඒ අනුව ජපානයේ ටෝකියෝ නුවර පැවැත්වෙන මෙවර ඔලිම්පික් උළෙල සදහා තම ක්‍රිඩකයින් සහභාගී නොකරන බව ප්‍රකාශයට පත් කළ පළමු රට උතුරු කොරියාවයි.

මේ අතර ශ්‍රී ලංකාව 2014 වසරේ පැවති 20 යි 20 ලෝක කුසලානය ජයග්‍රහණය කර අදට වසර 7ක් සපිරෙනවා.

එය සැලකෙන්නේ 1996 වසරේ එක්දින ලෝක ශුරයින් බවට පත් වීමෙන් පසු මෑත කාලීනව වඩාත් මතකයට නැගෙන ලෝක ක්‍රිකට් ශුරතාවලියක් ජය ගත් අවස්ථාව ලෙසයි.

Your Comments