ඉෂාන්ට් ෂර්මාට විශේෂ අවස්ථාවක්

9

ඉන්දියාව වෙනුවෙන් ජාත්‍යන්තර ටෙස්ට් තරග සියයකට ක්‍රීඩා කළ සිව් වැනි පන්දු යවන්නා බවට පත්වීමට ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ වේගපන්දු යවන ක්‍රිඩක ඉෂාන්ට් ෂර්මා සමත් වනවා.

ඒ එංගලන්තයට එරෙහිව අහමදාබාද් හි සර්ධා පටෙල් ක්‍රිඩාංගනයේ දී අද පැවැත්වෙන දිවා රාත්‍රී ටෙස්ට් තරගයට ක්‍රිඩා කිරීමටත් සමගයි.

ෂර්මාට පෙර මෙලෙස ටෙස්ට් තරග 100 කට ක්‍රිඩා කර ඇත්තේ පන්දු යවන්නන් වන කපිල් දේව්, හර්බජාන් සිං සහ අනිල් කුම්ලේ යන ඉන්දීය ක්‍රිඩකයින්.

Your Comments