ඉන්දු – බංග්ලාදේශ දෙවන විස්සයි විස්ස තරගයටත් ගැටලුකාරී තත්ත්වයක්

5

ඉන්දියාව සහ බංග්ලාදේශය අතර පැවැත්විමට නියමිත දෙවන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගය සම්බන්ධයෙන් ද මේ වන විට ගැටලුකාරී තත්ත්වයක් පැන නැගී තිබෙනවා.
ඒ, තරගය පැවැත්වීමට නියමිත රාජ්කොට් ප්‍රදේශයට සුළි කුණාටුවක බලපෑම එල්ල වී තිබීම හේතුවෙන්.
ඉදිරි දින කිහිපයේ දී රාජ්කොට් ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් අපේක්ෂා කරන බවයි කාළගුණ අංශ සදහන් කර ඇත්තේ.
දෙරට අතර පළමු 20යි 20 තරගයට ද නවදිල්ලි නුවර පැවැති වායු දූෂණ තත්ත්වයෙන් දැඩි බලපෑම් එල්ල වුණා.
බංග්ලාදේශ ක්‍රීඩකයින් දෙදෙනෙකු තරගය අතරතුර දී වමනය වැනි රෝගාබාධවලට ද ලක්වූ බවයි වාර්තා වුණේ.
දෙරට අතර පැවැත්වෙන දෙවන තරගය ලබන 7 වනදා රාජ්කොට් හී දී පැවැත්වීමට නියමිත අතර, තෙවැනි තරගය ලබන 10 වනදා නාග්පූර්හී දී පැවැත්වීමට නියමිතයි.

Your Comments