ඉන්දු – පකිස්ථාන එක්දින තරගය ඉතිහාසගත වෙයි

14

මෙවර ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ඉන්දියාව සහ පාකිස්තානය අතර පසුගියදා පැවැති තරගය මේ වන විට ඉතිහාසගත වී තිබෙනවා.

ඒ, ඉතිහාසයේ වැඩිම ප්‍රේක්ෂක සංඛ්‍යාවක් නැරඹූ ක්‍රිකට් තරගය ලෙසයි.

මෙම තරගය ලොව පුරා බිලියනයක පමණ ප්‍රේක්ෂක පිරිසක් නරඹා ඇති බවටයි මේ වන විට අණාවරණය වී ඇත්තේ.

එය ක්‍රීඩාංගනයේ සිට නැරඹීම සදහා ප්‍රේක්ෂකයින් ලක්ෂ අටකිව් කින් පමණ ඉල්ලුම්පත් යොමු වී තිබුණා.

කෙසේ වෙතත්, ක්‍රීඩාංගනයේ සිට තරගය නැරඹීමට පහසුකම් ඇත්තේ ප්‍රේක්ෂකයින් 23,500කට පමණයි.

ජගත් ක්‍රිකට් කවුනසලයේ ප්‍රධාන විධායක නිළධාරී ඬේවඞ් රිචර්ඞ්සන් සදහන් කළේ මිලියන 500ක පමණ පිරිසක් මෙම තරගය රූපවාහිනිය ඔස්සේ පමණක් නරඹා ඇති බවයි.

වෙනත් ක්‍රමවේද ඔස්සේ ද මෙම තරගය නැරඹූ පිරිස ගණනය කළ විට සම්පූණ සංඛ්‍යාව බිලියනයක් පමණ වන බව ද ඔහු කියා සිටියා.

මීට පෙර වැඩිම ප්‍රේක්ෂක සංඛ්‍යාවක් නරඹා තිබූ ක්‍රිකට් තරගය ලෙස ඉතිහාසගත වී තිබුණේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර 2011 වසරේ පැවැති ලෝක කුසලාන අවසන් මහා තරගයයි.

එය මිලියන 558 දෙනෙකු පමණ නරඹා තිබූ බව සදහන්.

Your Comments