ඉන්දු නවසීලන්ත අවසන් පුර්ව තරගයේ ඉතිරි කොටස අද

10

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය ඊයේ දිනට අතහැර දැමීමට විනිසුරුවන් තීරණය කළා.
ඒ, වර්ෂාවෙන් තරගයට බාධා එල්ල වීම හේතුවෙන්.

මැන්චෙස්ටර්හී දී පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනා ගත් නවසීලන්ත කණ්ඩායම ඉන්දියාවට එරෙහිව තරගයේ පළමුවෙන් පන්දුවට පහරදීමටයි තීරණය කළේ.

ඒ අනුව ඔවුන් පන්දුවාර 46 යි එක් පන්දුවක් අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණූ 211ක් ලබා සිටියදී තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වුණා.
අනතුරුව තරගය තාවකාලිකව නතර කෙරෙණු නමුත් පසුව තරගය ආරම්භ කිරීමට හැකි වූයේ නැහැ.

ඒ අනුව තරගයේ අමතර දිනය වන අද දිනයේ දී තරගය යළි ආරම්භ වන්නේ නවසීලන්ත ඉනිමේ යවා ඇති 47 වන පන්දු වාරයේ පළමු පන්දුවේ සිටයි.

නවසීලන්ත ඉනිම වෙනුවෙන් නායක කේන් විලියම්සන් ලකුණු 67ක් ලබා ගත් අතර, රෝස් ටේලර් නොදැවී ලකුණු 67ක් රැස් කර කඩුල්ලේ රැදී සිටිනවා.

Your Comments