ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ තරග ඉන්දියාවෙදීම පැවැත්වීමට තීරණය කරයි

12

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ සියලු තරග ඉන්දියාවේ දී ම පැවැත්වීමට තීරණය කර තිබෙනවා.
එරට ක්‍රිකට් පාලනය වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණය පත් කළ පරිපාලන කමිටුව ඊයේ රැස් වී මෙම තීරණය ගත් බවයි ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනය කළේ.
ඒ අනුව අයි.පී.එල් තරගාවලිය ලබන මාර්තු 23 වනදා ආරම්භ වීමට නියමිත බව ද සදහන්.
කෙසේ වෙතත් ඉන්දීය මහමැතිවරණයේ දින ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව අයි.පී.එල් තරගාවලියේ තරග කාලසටහන සහ තරග පැවැත්වෙන ක්‍රීඩාංගන ප්‍රකාශයට පත් කෙරෙනු ඇති.
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය පැවැත්වෙන කාල සීමාවේ දී ම එරට මහමැතිවරණය පැවැත්වීම හේතුවෙන් මෙවර තරගාවලිය වෙනත් රටකදී පැවැත්වීම කෙරෙහි මීට පෙර අවධානය යොමුව තිබුණා.
මීට පෙර අවස්ථා දෙකකදී ද අයි.පී.එල් තරගාවලියේ තරග වෙනත් රටවලදී පවත්වා තිබුණේ ද මහමැතිවරණය යෙදීම හේතුවෙන්.

Your Comments