ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 41 වන තරගයේ ජය මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට

37

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 41 වන තරගයෙන් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම පරදා කඩුලු 10ක ජයක් වාර්තා කිරිමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත් වුණා.

චෙන්නායි කණ්ඩායමක් කඩුලු 10කින් අයි.පී.එල් තරගයක් පරාජයට පත් වූ ඉතිහාසයේ පළමු තරගය ලෙසයි මෙය වාර්තා අතරට එක් වන්නේ.

සාජාහි පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීමටයි තීරණය කළේ.

පළමුවෙන් පන්දුවට පහරදුන් චෙන්නායි පිලට කඩුලු 9ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 114ක් පමණයි.

ඉනිමේ පළමු කඩුලු 4 ලකුණු 3ක්ව තිබියදී දවා ගැනීමට මුම්බායි පන්දු යවන්නන් සමත් වුණා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ මුම්බායි කණ්ඩායම තරගයේ ජය වාර්තා කළේ පන්දුවාර 12යි පන්දු 2ක් අවසානයේ කිසිදු කඩුල්ලක් නොදැවී සිටියදීයි.

ක්වෙන්ටන් ඩී කොක් නොදැවී ලකුණු 46ක් සහ ඉෂාන් කිෂාන් නොදැවී ලකුණු 68ක් රැස් කළා.
මෙම ජයග්‍රහනයත් සමග මුම්බායි කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ යළි පෙරමුණ දිනා ගැනීමට සමත් වුණේ ප්‍රසාද ලකුණු 14ක් හිමි කර ගනිමින්.

තරග 10කදී ප්‍රසාද ලකුණු 14ක්ම හිමි කර ගෙන ඇති දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට ප්‍රසාද ලකුණු සටහනේ හිමිව ඇත්තේ දෙවැනි ස්ථානයයි.

Your Comments