ඉන්දීය තරග සංචාරයට එක්වූ දකුණු අප්‍රිකානු ක්‍රිකට් ක්‍රීඩකයින් ස්වයං නිරෝධායනයකට

21

ඉන්දීය තරග සංචාරයේ නිරත වූ දකුණු අප්‍රිකා ක්‍රිකට් ක්‍රීඩකයින්ට දින 14 ක කාලයක් ස්වයං නිරෝධායනයකට ලක් වන ලෙස දකුණු අප්‍රිකා ක්‍රිකට් ආයතනය උපදෙස් ලබා දී තිබෙනවා.
ඒ, කෝවිඞ් 19 හෙවත් කොරෝනා වෛරසයේ අවධානම හේතුවෙන්.
ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර අතර පැවැත්වීමට නියමිතව තිබූ තරග 3කින් යුත් එක්දින තරගාවලිය කොරෝනා වෛරසයේ බලපෑම හමුවේ නියමිත පරිදි පැවැත්වීමට හැකි වූයේ නැහැ.
පළමු තරගය වර්ෂාව හේතුවෙන් අතහැරු දැමුණු අතර, දෙවැනි සහ තෙවැනි තරග වෛරසයේ බලපෑම හේතුවෙන් ප්‍රේක්ෂකයින්ගේ සහභාගීත්වයක් නොමැතිව පැවැත්වීමට නියමිතව තිබුණා.
කෙසේ වෙතත් පසුව තීරණය කෙරුණේ අදාළ තරගාවලියේ සියලු තරග කල් දැමීමටයි.

Your Comments