ඉන්දීය ක්‍රීඩකයින් හමුදා හිස්වැසුම් පැළඳ ක්‍රීඩා කිරීමට පකිස්ථානය විරෝධය පළ කරයි

5

ඔස්ට්‍රේලියාව සමග නිමා වූ තෙවන එක්දින ක්‍රිකට් තරගයේ දී ඉන්දීය ක්‍රීඩකයින් හමුදා හිස් වැසුම් පැලද ක්‍රීඩා කිරීම සම්බන්ධයෙන් පාකිස්තානය සිය විරෝධය පල කරනවා.
එරට ක්‍රිකට් ආයතනයේ සභාපති එසාන් මනී ඒ පිළිබදව ජගත් ක්‍රිකට් කවුන්සලයට ද ලිපියක් ද යොමු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
පසුගිය සිකුරාදා පැවැති අදාළ තරගයේ දී ඉන්දීය කණ්ඩායම එලෙස හමුදා හිස්වැසුම් පැලද ක්‍රීඩා කරනු ලැබුවේ කාශ්මීර් ප්‍රදේශයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයකින් මියගිය හමුදා සාමාජිකයින් 40 දෙනාට උපහාරයක් වශයෙන්.
ඒ සදහා අයි.සී.සී අනුමැතිය ද හිමිව තිබූ බව සදහන්.
කෙසේ වෙතත් පාකිස්තාන ක්‍රිකට් ආයතනය අයි.සී.සීය වෙත යොමු කළ ලිපියේ සදහන් වන්නේ ඉන්දියාව විසින් ක්‍රිකට් ක්‍රීඩාව දේශපාලනය සදහා යොදා ගන්නා බවයි.

Your Comments