ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩල සභාපති ධුරයට තරග කිරීමට හිටපු නායක සෞරව් ගංගුලි තීරණය කරයි

10

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති ධූරය සදහා තරග කිරීමට හිටපු ක්‍රිකට් නායක සෞරව් ගංගුලි තීරණය කර තිබෙනවා.
ඉන්දීය ක්‍රිකට් නිළවරණය සදහා වන නාමයෝජනා භාර ගැනීම අද දිනයෙන් අවසන් වන බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ.
ක්‍රිකට් නිළවරණය ලබන 23 වනදා පැවැත්වීමට නියමිතයි.
සෞරව් ගංගුලි ඉන්දියාව වෙනුවෙන් ජාත්‍යන්තර තරග 400කට වැඩි ප්‍රමාණයක් ක්‍රීඩා කර ඇති අතර, වසර පහක පමණ කාලයක් ජාතික කණ්ඩායමේ නායකයා ලෙස ද කටයුතු කළා.
එමෙන්ම ඔහු මේ වන විට බෙංගාල ප්‍රාන්ත ක්‍රිකට් සංගමයේ සභාපතිවරයා ලෙස ද කටයුතු කරනවා.
ඒ අනුව මෙවර ඉන්දීය ක්‍රිකට් නිළවරණයේ දී බොහෝ විට සෞරවු ගංගුලිට සභාපති ධූරය හිමි වනු ඇති බවයි ක්‍රීඩා විචාරකයින් පෙන්වා දෙන්නේ.

Your Comments