ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය රෝහිත් ශර්මාට ලබාදිය යුතුයි

21

ඉන්දීය එක්දින ක්‍රිකට් කන්ඩායම් නායකත්වය අයි පී එල් තරඟාවලිය ජයගත් මුම්බායි ඉන්දියන්ස් කන්ඩායමේ නායක රෝහිත් ශර්මාට ලබාදිය යුතු බව එම කණ්ඩායමේ හිටපු ආරම්භ පිතිකරුවෙකු වන ගෞතම් ගාම්භීර් පවසනවා.

එවැනි තීරණයක් නොගන්නේ නම් එය ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ අනිවාර්ය පසුබෑමකට හේතු වනු ඇති බවයි ඔහු කියා සිටියේ.

ඉන්දීය එක්දින සහ ටෙස්ට් කණ්ඩායම් වල නායකත්වය දරන්නේ විරාට් කෝලි විසින්.

එහෙත් ටෙස්ට් නායකත්වය කෝලිටත් එක්දින කණ්ඩායමේ නායකත්වය රෝහිත්ටත් ලබාදිය යුතු බවයි ගෞතම් ගාම්භීර් සදහන් කර ඇත්තේ.

Your Comments