ඉන්දීය – ඕස්ට්‍රේලියා තීරණාත්මක පස්වන එක්දින ක්‍රිකට් තරගය අද

4


සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර පැවැත්වෙන තීරණාත්මක පස් වන හා අවසන් එක්දින ක්‍රිකට් තරගය අද පැවැත්වෙනවා.
තරගය මෙරට වේලාවෙන් පස්වරු 1.30ට දිල්ලිහී දී ආරම්භ වීමට නියමිතයි.
මේ වන විට තරගාවලියේ තරග දෙක බැගින් ජය ගනිමින් කණ්ඩායම් දෙකම සම තත්ත්වයේ පසුවන බැවින් මෙම තරගයෙන් ජය ගන්නා කණ්ඩායමට තරගාවලියේ ජය හිමි වනු ඇති.
තරගාවලියේ පළමු තරග දෙකම ඉන්දියාව ජය ගත් අතර, සෙසු තරග දෙක ඔස්ටේ්‍රලියාව ජය ගත්තා.
ඒ අනුව තරගාවලියක පළමු තරග දෙකම පරාජයට පත්ව සෙසු තරග ජය ගනිමින් තරගාවලියක් ජය ගත් පස් වන රට බවට ඉතිහාස ගත වීමට ඔස්ටේ්‍රලියානු කණ්ඩායමට අද දිනයේ දී අවස්ථාවක් හිමිව තිබෙනවා.
කෙසේ වෙතත්, ඔවුන් අවසන් වරට ඉන්දියාවේ දී එක්දින තරගාවලියක් ජය ගෙන ඇත්තේ 2009 වසරේ දීයි.
එමෙන්ම මෙම තරගාවලිය දෙරට අතර තරග 5කින් යුක්තව පැවැත්වෙන අවසන් එක්දින ක්‍රිකට් තරගාවලිය වනු ඇති.
ඒ, 2020 වසරේ සිට ජගත් ක්‍රිකට් කවුන්සලය හදුන්වා දී ඇති එක්දින ලීග් ක්‍රිකට් තරගාවලි ක්‍රමවේදය හේතුවෙන්.

Your Comments