ඉන්දියාව සහ බංග්ලාදේශය – ආසියානු යොවුන් කුසලානයේ අවසන් තරගයට

7

ආසියානු යොවුන් කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය සදහා සුදුසුකම් ලබා ගැනීමට ඉන්දියාව සහ බංග්ලාදේශය අද සමත් වුණා.

ඒ, කොළඹ ප්‍රදේශයට පැවැති අධික වර්ෂාව සහිත අයහපත් කාළගුණ තත්ත්වය හේතුවෙන් අවසන් පූර්ව තරග දෙක අතහැර දැමීමට විනිසුරුවන් තීරණය කිරීම හේතුවෙන්.

පලමු අවසන් පූර්ව තරගය ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම සහ ඉන්දීය යොවුන් කණ්ඩායම අතර කොළඹ පී සරා ඕවල් ක්‍රීඩාංගනයේ දි පැවැත්වීමටයි නියමිතව තිබුණේ.

දෙවන අවසන් පූර්ව තරගය බංග්ලාදේශය සහ ඇෆ්ඝනිස්තානය අතර මොරටුව ටිරෝන් ප්‍රනාන්දු ක්‍රීඩාංගනනයේ දී පැවැත්වීමට කටයුතු යොදා තිබුණා.

කෙසේ වෙතත්, වර්ෂාව හේතුවෙන් තරග දෙකම අතහැර දැමීම හේතුවෙන් ඉන්දියාව සහ බංග්ලාදේශය තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලබා ගත්තා.

මූලික වටයේ දී “ඒ” සහ “බී” කාණ්ඩ දෙකෙහි පෙරමුණ ගැනීමට සමත් වූයේ එම කණ්ඩායම් දෙකයි.

Your Comments