ඉන්දියාවට ඓතිහාසික ටෙස්ට් තරගාවලි ජයක්

7

ඉන්දියාවට ඔස්ටේ්‍රලියාවේ දී ඓතිහාසික ටෙස්ට් තරගාවලි ජයක්
ඔස්ටේ්‍රලියා කණ්ඩායම සමග පැවැති තරග 4කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය තරග 2-1 ලෙස ජය ගැනීමට සංචාරක ඉන්දීය කණ්ඩායම සමත් වුණා.
ඒ, දෙරට අතර සිඞ්නි හී දී පැවැති සිව්වන හා අවසන් ටෙස්ට් තරගය අද ජය පරාජයෙන් තොරව අවසන් වීමත් සමගයි.
තරගයේ අවසන් දිනය වූ අද දිනයේ දී වර්ෂාව හේතුවෙන් කිසිදු පන්දුවාරයක් ක්‍රියාත්මක කිරීමට හැකි වූයේ නැහැ.
ඊයේ දිනය නිමා වන විට අඛණ්ඩව සිය දෙවන ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඔස්ටේ්‍රලියා කණ්ඩායම කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 6ක් ලබා සිටියා.
තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දියාව කඩුලූ 7ක් දැවී ලකුණු 622ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවීමට තීරණය කළ අතර පිළිතුරු ලෙස සිය පළමු ඉනිම ක්‍රිඩා කළ ඔස්ටේ්‍රලියානු කණ්ඩායමට සියලූ දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 300ක් පමණයි.
මෙය ඉන්දීය කණ්ඩායමක් ඔස්ටේ්‍රලියාවේ දී ටෙස්ට් තරගාවලියක් ජය ගත් පළමු අවස්ථාව වීම විශේෂත්වයක්.
වෙනත් කිසිදු ආසියානු රටක් ඔස්ටේ්‍රලියාවේ දි මෙතෙක් ටෙස්ට් තරගාවලියක් ජය ගෙන නැහැ.
ඔස්ටේ්‍රලියාවේ දී ටෙස්ට් තරගාවලියක් මීට පෙර ජය ගෙන තිබුණේ නවසීලන්තය, එංගලන්තය, දකුණු අප්‍රිකාව සහ බටහිර ඉන්දීය කොදවේවන් පමණයි.

Your Comments