ඇෆ්ඝනිස්තානය පරදා ශ්‍රී ලංකාවට තියුණු ජයක්

12

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ 7 වන තරගයෙන් ඇෆ්ඝනිස්තානය පරදා ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ ලකුණු 34ක තියුණු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.
තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව පන්දුවාර 36 යි පන්දු 5ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කළේ ලකුණු 201ක් පමණයි.
කුසල් ජනිත් ලකුණු 78යි.
පන්දු යැවීමේ දී මොහොමඩ් නබී ලකුණු 30කට බිද හෙලූ කඩුලු සංඛ්‍යාව 4ක්.
කාර්ඩිෆ්හි පැවැති තරගය ජය ගැනීම සදහා ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ ඇෆ්ඝනිස්තානයට පන්දුවාර 41කදී ලකුණූ 187ක ඉලක්කයක් හිමි වූ නමුත් ඔවුන්ට පන්දුවාර 32යි පන්දු 4ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 152ක් පමණයි.
පන්දු යැවීමේ දී නුවන් ප්‍රදීප් කඩුලු 4ක් සහ ලසිත් මාලිංග කඩුලු 3ක් බිද හෙලුවා.
මෙම තරගයේ දී ශ්‍රී ලංකා සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග එක්දින ජාත්‍යන්තර තරගවල ලොව වැඩිම කඩුලු ලාභින් අතර 10 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ද සමත් වුණා.

Your Comments