ඇෆ්ගනිස්ථානය අඛණ්ඩව විස්සයි 20, 12 වන ජයත් ලබයි

9

බංග්ලාදේශයේ පැවැත්වෙන පන්දුවාර 20යි 20 තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ තෙවන තරගයෙන් ජය වාර්තා කිරීමට ඇෆ්ඝනිස්තාන කණ්ඩායම සමත් වුණා.

ඔවුන් හමුවේ ලකුණු 25කින් පරාජයට පත් වූයේ බංග්ලාදේශ කණ්ඩායමයි.

ඩකා නුවර පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඇෆ්ඝනිස්තාන කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 164ක් ලබා ගත්තා.
මොහොමඞ් නබී පන්දු 54කින් ලකුණු 84ක් ලබා ගත් අතර, ඔහුගේ ඉනිමට හයේ පහර 7ක් ඇතුළත්.

පන්දු යැවීමේ දී මොහොමඞ් සයිෆුදීන් කඩුලු 4ක් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශයට පන්දුවාර 19.5ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 139ක් පමණයි.

මෙය ඇෆ්ඝනිස්තාන කණ්ඩායම පන්දුවාර 20යි 20 ජාත්‍යන්තර පිටියේ අඛණ්ඩව වාර්තා කළ 12 වන ජයග්‍රහනය වීම විශේෂත්වයක්.

එවැනි දස්කමක් ජාත්‍යන්තර 20යි 20 පිටියේ දැක් වූ පළමු රට ලෙසයි ඔවුන් ඉතිහාසයට එක් වුණේ.

Your Comments