ඇමෙරිකානු තේරීම් කමිටුවට ශ්‍රී ලාංකිකයෙක්

53

ශ්‍රී ලංකා හිටපු පළමුපෙල ක්‍රිකට් ක්‍රීඩකයෙකු, පුහුණුකරුවෙකු සහ තේරීම් කමිටු සාමාජිකයෙකු වූ සජිත් ප්‍රනාන්දු මහතා අමෙරිකා එක්සත් ජනපද යොවුන් ක්‍රිකට් තේරීම් කමිටුවට පත් කර තිබෙනවා.

මෙම තේරීම් කමිටුවට අයත් සමස්ත සාමාජිකයින් ගණන 5ක්.

වසර 3ක කාලයක් සඳහා සජිත් ප්‍රනාන්දු මහතා තේරීම් කමිටුවට පත් කර ඇති බවයි අමෙරිකානු ක්‍රිකට් ආයතනය සඳහන් කළේ.

48 හැවිරිදි සජිත් ප්‍රනාන්දු මහතා පළමු පෙල තරග 193කට ක්‍රීඩා කරමින් රැස් කර ඇති ලකුණු සංඛ්‍යාව 10,700ක්.

ඔහු එහිදී කඩුලු 269ක් දවා ගැනීමට සමත්වුණා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය 2018 වසරේ දී සංවිධාන කළ පන්දුවාර 20යි 20 ලීග් ක්‍රිකට් තරගාවලියේ අධ්‍යක්ෂ ලෙස ද සජිත් ප්‍රනාන්දු මහතා කටයුතු කළ අතර, 2017 වසරේ දී ඔහු ජාතික තේරීම් කමිටුවට ද නම් කෙරුණා.

Your Comments