ආසියානු කණ්ඩායම සහ ලෝක කණ්ඩායම අතර විස්සයි විස්ස තරග දෙක කල්දැමේ

27

ආසියානු කණ්ඩායම සහ ලෝක කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතව තිබූ ජාත්‍යන්තර පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරග දෙක කල් දැමීමට බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.
ඒ, කෝවිඞ් නයින්ටීන් හෙවත් කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමත් සමග ඇතිව තිබෙන තත්ත්වය සැලකිල්ලට ගනිමින්.
අදාළ 20යි 20 තරග දෙක ලබන 21 සහ 22 යන දෙදින පැවැත්වීමටයි නියමිතව තිබුණේ.
බංග්ලාදේශයේ පියා ලෙස සැලකෙන බංගබන්දු ෂෙයික් මුජිබර් රෙහ්මාන්ගේ සියවැනි ජන්ම දිනය සැමරීම වෙනුවෙන් මෙම 20යි 20 තරග දෙක සංවිධාන කර තිබෙනවා.
කෙසේ වෙතත්, කොරෝනා වෛරසය පැතිර යාමත් සමග ජන්ම දිනය හා සම්බන්ධ තවත් වැඩසටහන් රැසක් ද අවලංගු කර ඇති බව සදහන්.

Your Comments