ආනන්ද සහ හින්දු විද්‍යාලය ‘උතුරට නෑගම්’ සම ශූරතාව බෙදා ගනියි [PHOTOs]

153

‘උතුරට නෑගම් අර්ජුන රණතුංග ක්‍රිකට් කුසලානයේ’ සම ශූරතාව කොළඹ ආනන්ද විද්‍යාලය සහ යාපනය හින්දු විද්‍යාලීය ආදි ශිෂ්‍ය කණ්ඩායම් විසින් හිමි කර ගත්තා.

තරගය 14 වැනිදා පැවැත් වුණේ යාපනය ශාන්ත තොමස් විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී .

උතුරට නෑගම්, උතුරු දකුණු සාමය ඉල්කක කර පැවැත්වෙන සමාජ සත්කාරක වැඩසටහනක්.

එය සංවිධානය කරන්නේ කොළඹ ආනන්ද විද්‍යාලයේ සහ යාපනය හින්දු විද්‍යාලයේ ආදි ශිෂ්‍යයින් විසින්.

2012 වසරේ ඇරඹි ‘උතුරට නෑගම්’ වැඩසටහන කොළඹ ආනන්ද විද්‍යාලය සහ යාපනය හින්දු විද්‍යාලයේ සිසුන්, ගුරුවරුන්, විදුහල්පතිවරුන් සහ ආදි ශිෂ්‍යයින්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙයි.

මෙවර පැවැත්වුණු චෙස් සහ බාස්කට්බෝල් තරගවල ශූරතාව ආනන්ද විද්‍යාලයද, සිවගුරුනාදන් අනුස්මරණ ක්‍රිකට් ශූරතාව සහ විවාද තරගයේ ජයග්‍ර‍හණය යාපනය හින්දු විද්‍යාලයද දිනා ගත්තා.

වැඩසටහනේ අර්ජුන රණතුංග කුසලානය සඳහා වූ ආදි ශිෂ්‍ය ක්‍රිකට් තරගයේදී පළමුවෙන් පන්දුවට පහර දුන්නේ කොළඹ ආනන්ද විද්‍යාල කණ්ඩායමයි.

ඔවුන් නියමිත පන්දුවාර දහයේදී කඩුලු 5කට ලකුණු 115ක් රැස් කළා.

දෙවනුවට පන්දුවට පහර දුන් යාපනය හින්දු විද්‍යාලය පන්දුවාර 4ක් අවසානයේ කඩුලු 2ක් දැවී ලකුණු 39ක් රැස් කරගෙන සිටියදී අයහපත් ආලෝක තත්ත්වය හේතුවන් තරගය නතර කිරීමට සංවිධායක මණ්ඩලය තීරණය කළා.

ඒ දෙපිළටම සම ශූරතාව ලබා දෙමින්.

තරගයේ වීරයා සම්මානය සචිත්‍ර‍ සේනානායකට හිමි වුණා.

Your Comments