අසන්ත ද මැල් ශ්‍රී ලංකා ක්‍රිකට් කළමණාකාරධූරයෙන් ඉවත් වීමට තීරණය කරයි

8

ශ්‍රී ලංකා ක්‍රිකට් කළමණාකාරධූරයෙන් ඉවත් වීමට අසන්ත ද මැල් මහතා තීරණය කර තිබෙනවා.
ඒ අනුව එංගලන්තයට එරෙහි දෙවන ටෙස්ට් තරගයෙන් පසුව ඔහු එම ධූරයෙන් ඉවත් වනු ඇති.

පෞද්ගලික හේතුවක් මත ධූරයෙන් ඉවත් වන බවත්, තමා එම ධූරයේ කටයුතු කළේ තාවකාලිකව පමණක් බවත් අසන්ත ද මැල් මහතා සදහන් කර තිබෙනවා.

මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කරන්නේ ද අසන්ත ද මැල් මහතායි.
මේ අතර, එළඹෙන බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරය සදහා වන 34 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා මූලික සංචිතය නම් කර තිබෙනවා.

කොදෙව් තරග සංචාරයේ දී ටෙස්ට් තරග දෙකක්, එක්දින තරග 3ක් සහ 20යි 20 තරග 3ක් පැවැත්වීමට නියමිතයි.

Your Comments