අවස්ථා 3 බැගින් IPL දිනූ මුම්බායි සහ චෙන්නායි – තීරණාත්මක සටන

24

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද පැවැත්වෙනවා.

ඒ, ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන පුහුණුකාරීත්වය දරන මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සහ පසුගිය වසරේ ශූරතාවය හිමිකර ගත් චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායම අතරයි.

තරගය මෙරට වේලාවෙන් පස්වරු 7.30ට ඉන්දියාවේ හයිද්‍රාබාද්හිදි ආරම්භ වනු ඇති.

මීට පෙර මෙම කණ්ඩායම් දෙකම අවස්ථා 3 බැගින් අයි.පී.එල් ශූරතාව හිමිකර ගෙන තිබීම ද විශේෂත්වයක්.

Your Comments