අර්ජුන LPL ගැන නාමල්ගෙන් ප්‍රශ්න කරයි

31

හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක අර්ජුණ රණතුංග මහතා ක්‍රිඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාට ලිපියක් යොමු කර තිබෙනවා.

ඒ, ලබන 26 වනදා ආරම්භ කිරීමට නියමිත ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ විනිවිදභාවය පිළිබඳ ප්‍රශ්න කරමින්.

අර්ජුන රණතුංග මහතා ලිපියෙන් අවධානය යොමුකර ඇත්තේ ‍දේශීය තරග පාවාදිමට වැරදිකරුවකු වූ පුද්ගලයෙකු මෙම තරගාවලියේ අධ්‍යක්ෂ ධුරයක කටයුතු කරන බවයි.

එය ක්‍රීඩාවේ ජීව ගුණයට කෙතරම් උචිත ද යන්න එම ලිපියෙන් අර්ජුන රණතුංග මහතා ප්‍රශ්න කළා.

තරගාවලියේ අයි සී සී අනුමත භාවය හා අධීක්ෂණය, ක්‍රීඩක ගිවිසුම් මෙන්ම කණ්ඩායම් හිමිකරුවන් සම්බන්ධ තක්සේරුව ඇතුළු ප්‍රධාන කරුණු 6ක් සම්බන්ධයෙන් ඔහු ක්‍රිඩා අමාත්‍යවරයාගේ අවධානය යොමු කර තිබෙනවා.

01. මෙම තරගාවලිය අයි. සී. සීය විසින් අනුමත කර තිබේද ? එය ඍජු මැදිහත් වීමක්ද ?

02. මෙම තරගාවලිය අයි. සී. සී දූෂණ විරෝධී නිලධාරීන් අධීක්ෂණය කරන්නේද ?

03. අයි. සී. සී. දූෂණ විරෝධී නිලධාරීන් මෙම තරගාවලිය අධීක්ෂණය නොකරන්නේ නම් එම කාර්යය සිදුවන මෙරට ආචාර්ය ධර්ම පද්ධතිය කුමක්ද ?

04. ක්‍රීඩයින් තරගාවලිය සඳහා ගිවිසුම් අත්සන් කරන්නේ කවුරුන් සමඟ ද? ( ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ද ? කණ්ඩායම් හිමිකරුවන් සමඟ ද? )

05. මෙම තරගාවලිය පාලනය කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට හැකියාවක් තිබේද ? (එසේනම් ඒ කුමන අංශයෙන්ද ?)

06. කණ්ඩායම් හිමිකරුවන් කවුරුන්ද යන්න පිළිබඳ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සිදු කර ඇති තක්සේරුව මෙන්ම ඔවුන්ගේ ක්‍රියාකාරකම් පිළිබඳ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනුවත් ද ?

එම ලිපිය පහතින්….

Loader Loading...
EAD Logo Taking too long?
Reload Reload document
| Open Open in new tab

Your Comments