අයි. පී .එල්. තරග ඉතිහාසයේ වැඩිම මිළක් නියම වු ක්‍රීඩකයා බවට දකුණු අප්‍රිකානු ක්‍රීඩක ක්‍රිස් මොරිස් පත්වුනා.
අද පැවති ක්‍රීඩක වෙන්දේසියේදි රාජස්ථාන් රෝයල්ස් පිළ ක්‍රිස් මොරිස්ව මිළදි ගෙන ඇත්තේ ඉන්දිය රුපියල් ලක්ෂ 1,625 කටයි.
ග්ලේන් මැක්ස්වෙල් හට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිළ ලබාදුන් වටිනාකම ඉන්දිය රුපියල් ලක්ෂ 1,425 ක්.
ෂකිබ් අල් හසන් අලෙවි වුනේ ඉන්දිය රුපියල් ලක්ෂ 320 ක මිලකට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමටයි.
චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායම විසින් මොයින් අලීව මිළදි ගෙන ඇත්තේ ඉන්දිය රුපියල් ලක්ෂ 700 කට බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.
Your Comments