අයි පී එල් ක්‍රීඩක වෙන්දේසිය අද

3

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 14 වන අදියරට අදාළ ක්‍රීඩක වෙන්දේසිය අද පස්වරු 3ට චෙන්නායිහී දී සිදු කෙරෙනවා.

වෙන්දේසිය සදහා ක්‍රීඩකයින් 1, 114 දෙනෙකු ලියාපදිංචි වී සිටිය ද අවසන් ලැයිස්තුවට ඇතුළත්ව ඇත්තේ ක්‍රීඩකයින් 292ක් පමණයි.

වෙන්දේසිය සදහා ඉන්දීය රුපියල් කෝටි දෙකක මූලික වටිනාකමකට හිමිකම් කියන ක්‍රීඩක ඛාණ්ඩයට ක්‍රීඩකයින් 10 දෙනෙකු ඇතුළත්.

ඉන්දීය රුපියල් කෝටි 1.5 ඛාණ්ඩයට ක්‍රීඩකයින් 12 දෙනෙකු අයත් වන අතර, ඉන්දීය රුපියල් කෝටියක මූලික වටිනාකමක් සහිතව වෙන්දේසියට ඉදිරිපත්ව සිටින ක්‍රීඩකයින් ගණන 11ක්.

ක්‍රීඩක වෙන්දේසියට ඉන්දීය ක්‍රීඩකයින් 164 දෙනෙකු, විදෙස් ක්‍රීඩකයින් 128 දෙනෙකු ලැයිස්තුගත වී සිටින බවයි තරගාවලි සංවිධායකයින් නිවේදනය කළේ.

මෙම වෙන්දේසිය සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 31 දෙනෙකු ලියාපදිංචි වී තිබූ නමුත්, වෙන්දේසිය සදහා ඉදිරිපත් කෙරෙන ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සංඛ්‍යාව 9ක්.

ඒ අනුව කුසල් පෙරේරා, තිසර පෙරේරා, කෙවින් කොත්තිගොඩ, මහේෂ් තීක්ෂණ, විජයකාන්ත් වියස්කාන්ත්, වනිදු හසරංග, දුෂ්මන්ත චමීර, දසුන් ශානක සහ ඉසුරු උදාන යන ක්‍රීඩකයින් අද පැවැත්වෙන වෙන්දේසියට ඉදිරිපත් කෙරෙනු ඇති.

Your Comments