අයි.පී.එල් ක්‍රිකට් ක්‍රීඩක වෙන්දේසියේදී කිසිදු කණ්ඩායමක් ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙකු මිලදී නොගැනේ

13

අයි.පී.එල් ක්‍රිකට් තරගාවලියේ 14 වන අදියර සදහා ක්‍රීඩක වෙන්දේසිය චෙන්නායි නුවරදී ඊයේ පැවත් වුණා.

එහිදී කිසිදු කණ්ඩායමක් ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙකු මිලදී ගැනීමට ඉදිරිපත් නොවීම විශේෂත්වයක්.

පසුගිය අයි.පී.එල් තරගාවලියන් හිදී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් මිලදී ගැනීමට කණ්ඩායම් ඉදිරිපත් වී තිබුණා.

මෙවර අයි.පී.එල් ක්‍රීඩක වෙන්දේසිය සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 9 දෙනෙකු ඉදිරිපත් කෙරෙන බවට ප්‍රකාශ කර තිබුණත් ක්‍රීඩක වෙන්දේසියේදී ඉදිරිපත් කර තිබුණේ ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් තිදෙනෙකු පමණයි.

කුසල් ජනිත් පෙරේරා, තිසර පෙරේරා සහ ඉකුත් වසරේ අයි.පී.එල් තරගාවලියේදී රෝයල් චැලේන්ජර්ස් බැංග්ලෝර් කණ්ඩායම නියෝජනය කළ ඉසුරු උදාන ඉදිරිපත් කර තිබුණා.

Your Comments