අයර්ලන්තයට එරෙහිව කොදෙව්වන්ට එක්දින තරගාවලි ජයක්

6

සංචාරක අයර්ලන්ත කණ්ඩායම සමග පැවැති තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය තරග 3 ට 0ක් ලෙස ජය ගැනිමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් වුණා.
ඒ, දෙරට අතර පැවැති තෙවැනි තරගයෙන් ඔවුන් ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ කඩුලු 5ක ජයක් වාර්තා කිරීමත් සමගයි.
ග්‍රැනේඩාහි පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් අයර්ලන්තය පන්දුවාර 49යි එක් පන්දුවක් අවසානයේ සියලු දෙනා දැවීලකුණු 203ක් ලබා ගත්තා.
පන්දු යැවීමේ දී හේඞ්න් වොල්ෂ් කඩුලු 4ක් බිද හෙලුවා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොදෙව්වන්ට අයපහත් කාළගුණය හේතුවෙන් තරගය ජය ගැනීම සදහා පන්දුවාර 47කදී හිමි වූ ඉලක්කය ලකුණූ 197ක්.
එම ඉලක්කය පන්දුවාර 36යි පන්දු 2ක් අවසානයේ දී පසු කර යාමට කොදෙව්වන් සමත් වුණේ කඩුලු 5ක් දැවී සිටියදීයි.
එවින් ලුවිස් ලකුණු 102ක් රැස් කළා.
අවසන් තරගයේ සහ තරගාවලියේ වීරයා ලෙස ද සම්මානයෙන් පිදුම් ලැබුවේ ඔහුයි.

Your Comments