අමෙරිකාවේ පැවැති මලල ක්රීඩා තරගාවලියකදී උස පැනීම ගෘහස්ථ අංශයේ නව ශ්රී ලංකා වාර්තාවක් පිහිටුවීමට උෂාන් තිවංක සමත්ව තිබෙනවා.
ඒ, මීටර 2.25 ක දක්ෂතාවක් දක්වමින්.
එම ඉසව්වේ ප්රථම ස්ථානය හිමිකර ගැනීම ද ඔහු සමත් වුණා.
උෂාන් තිවංක මෙලෙස බිඳ දැමුවේ 2015 වසරේදී මංජුල කුමාර පිහිටුවා තිබූ වාර්තාවයි.
කටාර්හි දෝහා නුවර පැවැති ගෘහස්ථ මලල ක්රීඩා තරගයකදී මංජුල කුමාර මීටර 2. 24 ක දක්ෂතාවක් දැක්වුවා.
Your Comments