අබුඩාබි T10 තරගාවලියට ක්‍රීඩා කිරීමට තවත් ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් කිහිපදෙනෙක් ගිවිසුම් අත්සන් කරයි

13

අබුඩාබි T10 හෙවත් පන්දුවාර දහයයි දහය ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කිරීමට තවත් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කිහිපදෙනෙකු ගිවිසුම් අත්සන් කර තිබෙනවා.
ඒ අතරට ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක සහ හිටපු ක්‍රිකට් නායක ඇන්ජෙලෝ මැතිව්ස් ද ඇතුළත්.
ඔහු ගිවිසුම් ගතව ඇත්තේ දිල්ලි බුල්ස් කණ්ඩායම සමගින්.
ඊට අමතරව තුන් ඉරියව් ක්‍රීඩක අසේල ගුණරත්න සහ දග පන්දු යවන ක්‍රීඩක මාලින්ද පුෂ්පකුමාර ද තරගාවලියට එක්වන බව සදහන්.
අසේල ගුණරත්න නොදන් වොරියස් කණ්ඩායමට ක්‍රීඩා කරන අතර, නුවන් ප්‍රදීප් ද එම කණ්ඩායමටම ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙනවා.
බංග්ලා ටයිගර්ස් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරන්නේ ශ්‍රී ලංකාවේ තිසර පෙරේරායි.
එම කණ්ඩායම සදහා ෂෙහාන් ජයසූරිය සහ කෙවින් කොත්තිගොඩ ද ක්‍රීඩා කරනු ඇති.
යුවරාජ් සිංගේ නායකත්වයෙන් යුත් මරත ඇරබියන්ස් කණ්ඩායම සදහා ලසිත් මාලිංග, වනිදු හසරංග සහ දසුන් ශානක ක්‍රීඩා කරනවා.
භානුක රාජපක්ෂ ඩෙකෑන් ග්ලැඩියේටස් කණ්ඩායමටත්, මාලින්ද පුෂ්පකුමාර කර්නාටක ටස්කර්ස් කණ්ඩායමටත්, නිරෝෂන් දික්වැල්ල ටීම් අබුඩාබි කණ්ඩායමටත් ක්‍රීඩා කරනු ඇති.
ඉයන් මෝර්ගන් නායකත්වය දරන දිල්ලි බුල්ස් කණ්ඩායමට ඇන්ජෙලෝ මැතිව්ස් සමගින් කුසල් ජනිත් සහ දුෂ්මන්ත චමීර ද තෝරා ගෙන තිබෙනවා.

Your Comments