අකිල ධනංජයගේ පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත බවට යළිත් චෝදනා

10

ශ්‍රී ලංකා දග පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජයගේ පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත බවට යළි චෝදනා එල්ල වී තිබෙනවා.
ඒ, නවසීලන්තය සමග නිමා වූ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් අනතුරුවයි.
ඔහුට අමතරව නවසීලන්ත නායක කේන් විලියම්සන්ගේ පන්දු යැවීමේ ඉරියව්ව ද සැක සහිත බවට චෝදනා එල්ල වී ඇති බවයි ජගත් ක්‍රිකට් කවුන්සලය සදහන් කළේ.
ඒ අනුව ඔවුන් දෙදෙනාට දින 14ක් තුළ දී පන්දු යැවීමේ ඉරියව්ව පිළිබද පරීක්ෂණයකට මුහුණ දීමට සිදු වනු ඇති.
මීට පෙර ද අකිල ධනංජයට මෙම චෝදනාව එල්ල වූ අතර, පසුව ඔහුට පන්දු යැවීමේ තහනමක් ද පනවනු ලැබුවා.
අනතුරුව ඔහු යළි සිය ඉරියව්ව සකස් කර ගනිමින් සිදු කළ පරීක්ෂණයේ දී ඔහුගේ නව පන්දු යැවීමේ ඉරියව්ව නීත්‍යානුකූල බව තහවුරු වූ බවයි ජගත් ක්‍රිකට් කවුන්සලය සදහන් කළේ.

Your Comments