මහ රැජිණගේ විශේෂ යෂ්ඨිය ජනපතිට භාරදෙයි

 10/13/2017 - 13:39
12 reads

2018 වසරේ පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට  සමගාමීව ඊට අදාළ රටවලට රැගෙන යන බ්‍රිතාන්‍ය මහ රැජිණගේ පණිවුඩය රැගත් විශේෂ යෂ්ඨිය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත භාරදෙනු ලැබුවා.

යෂ්ඨිය රැගත් විශේෂ නියෝජිත පිරිස කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලෙන් මෙරටට ළඟාවූයේ ඊයේ පස්වරු කාලයේදියි.

අලංකාරවත් පෙරහරකින් යෂ්ඨිය ජනාධිපති මන්දිරය වෙත රැගෙන ඒම සිදු වුණා.

එහිදි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් එය පිළිගනු ලැබුවා.

ඔස්ට්‍රේලියාවේ ගෝල්ඩ්කොස්ට් හි දී පැවැත්වීමට නියමිත 2018 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල පැවැත්වීමට නියමිතයි.

1930 දී බ්‍රිතාන්‍යයේ පැවති පළමු පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රිඩා උළෙලේදී පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල නායිකාව ලෙස එලිසබත් මහ රැජිණ නිකුත්කළ පණිවිඩය රැගත් මෙම යෂ්ටිය ක්‍රීඩා උළෙල පැවැත්වෙන සමයේ පොදුරාජ්‍ය මණ්ඩලීය සාමාජික රටවල ප්‍රදර්ශනය කිරීම සම්ප්‍රදායක්.

news24.lk
News24
sri lanka news 24
24 news

Comments