ශ්‍රී ලංකා - පාකිස්තාන පළමු ODI තරගය අද

 10/13/2017 - 07:01
13 reads

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර තරග 5කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද පැවැත්වෙනවා.

තරගය මෙරට වේලාවෙන් පස්වරු 4.30ට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායිහී දී ආරම්භ වීමට නියමිතයි.

මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක නුවන් ප්‍රදීප් පාදයේ ආබාධයකට ලක්ව ඇති බව වාර්තා වනවා.

ඒ හේතුවෙන් ඔහුට පාකිස්තානයට එරෙහි එක්දින ක්‍රිකට් තරගාවලිය අහිමි වී ඇති බවත්, ඔහු වෙනුවට ළහිරු ගමගේ ශ්‍රී ලංකා එක්දින සංචිතයට කැඳවා ඇති බවත් සදහන්.

news24.lk
News24
sri lanka news 24
24 news