දිමුත් කරුණාරත්න ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට

 10/12/2017 - 07:31
53 reads

නවතම ටෙස්ට් ක්‍රිකට් පිතිකරුවන්ගේ සහ පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම් ජගත් ක්‍රිකට් කවුන්සලය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකා කන්ඩායමේ ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීම්හි ස්ථාන 09ක් ඉදිරියට පැමිණ ඇති බව සදහන්.

ඒ අනුව ඔහු මේ වන විට 17 වන ස්ථානයේ පසු වන අතර නිරෝෂන් දික්වැල්ල 39 වන ස්ථානය දක්වා ස්ථාන දෙකකින් ඉදිරියට පැමිණ තිබෙනවා.

ටෙස්ට් පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්වලට අනුව දිල්රුවන් පෙරේරා 23 වන ස්ථානය දක්වා ස්ථාන 3කින් ඉදිරියට පැමිණීමට සමත්ව ඇති බවයි ජගත් ක්‍රිකට් කවුන්සලය සදහන් කළේ.

නුවන් ප්‍රදීප් 32 වන ස්ථානය දක්වාත්, සුරංග ලක්මාල් 33 වන ස්ථානය දක්වාත් ඉදිරියට පැමිණ තිබෙනවා.

news24.lk
News24
sri lanka news 24
24 news

Comments