ඉන්දීයාවේදී ඔස්ට්‍රේලියානු කණ්ඩායමට ප්‍රහාරයක්

 10/11/2017 - 12:31
86 reads

ඉන්දියාව සමග පැවැති දෙවන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගය ජය ගැනීමෙන් අනතුරුව ඔස්ටේ්‍රලියානු ක්‍රිකට් කණ්ඩායම ගමන් ගත් බස් රථයට ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

ප්‍රේක්ෂකයන් විසින් බස් රථය ඉලක්ක කර ගල් ප්‍රහාරයක් එල්ල කර ඇති අතර ඉන් බස් රථයේ වීදුරුවලට හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත්, අනතුරින් කිසිදු ක්‍රීඩකයෙකුට හානියක් සිදු වී නැහැ.

ඉන්දියාවේ ගුවහස්ටි නුවර අදාළ තරගය පැවැති අතර ඉන් ඔස්ටේ්‍රලියානු කණ්ඩායම කඩුලු 8ක පහසු ජයක් වාර්තා කිරීමට සමත් වුණා.

අදාළ සිද්ධියෙන් අනතුරුව ඔස්ටේ්‍රලියානු කණ්ඩායම රැදී සිටින හෝටලයේ ආරක්ෂාව ද තර කිරීමට පියවර ගෙන තිබෙනවා.

 

news24.lk
News24
sri lanka news 24
24 news

Comments